දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 24 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය
1:24 pm – 2:54 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
දකුණ
මේෂ
ක්‍රියාකාරි දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් ද යෙදෙන දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. ප්‍රේම සබඳතා මෙන්ම නවක මිතුරුදම ඇති වෙයි. ශීර්ෂ රෝග, උෂ්ණ රෝග සාදයි.
වෘෂභ
ක්‍රියාකාරි දිනකි. නව වැඩ කටයුතු නිර්මාණ ඇරඹිමට ශුභයි. උගගුන් වියතුන් ද ඇසුරට පත්වෙයි. දුර ගමන් බිමන් ද යෙදෙන විනෝද ජනක ක්‍රියා වැනි දේවල් යෙදෙන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.
මිථුන
උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. උත්සව සාද වැනි දේවලට සහභාගි වීමට හේතුයි. සම්මුඛ සාකච්ඡා සඳහා ශුභ දිනකි. තම අරමුණු තරමක් ජය ගෙන දෙයි. ලාභ ද ලබයි. උදර රෝග පෙනහලු රෝග මතු වේ.
කටක
තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. මංගල සාද උත්සව වැනිදේ යෙදේ. මිල මුදල් වැයවන අතර තම අනෝයන්‍ය සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන ලාභ ලබයි. මුත්‍රා ආසාදන, උෂ්ණ රෝග මතු කරයි.
සිංහ
ශුභා ශුභ මිශ්රඵල දෙයි. මහජන රැලි මහජන සබඳතා ඇතිවන දිනකි. නවක බැඳීම් ඇති වෙයි. විනෝදජනක ක්‍රියාවන් යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වන දිනකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.
කන්‍යා
ක්‍රියාශීලී දිනකි. ප්‍රීති උත්සව සාද යෙදේ. සභාවේ දිනයි. නවක සබඳතා ඇති වෙයි. මහජන සබඳතා වර්ධන ක්‍රියාවන් ද යෙදේ. සතුරන් ධමනය වෙයි. හදිසි ධන ලාභ සම්පත් මතු කරයි. පාද ආබාධ පීඩා මතු කරන දිනකි.
තුලා
තරමක් ගමන් බිමන් බහුලයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතුවීමෙන් මනස චංචල වෙයි. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. තම ව්‍යාපෘතිවල ද පැහැදිලි වෙනසක් දැකගත හැක. අභ්‍යන්තර ඉන්ද්රියන්හි රෝග මතු වේ.
වෘශ්චික
ක්‍රියාකාරී දිනකි. ප්‍රීති උත්සව මංගල සාද වැනි දේ යෙදෙන අතර විනෝදජනක ක්‍රියාවන් යෙදේ. මහජන සබඳතාවන් වර්ධනය වෙයි. නවක සබඳතා ඇති වෙයි. නව නිර්මාණකරණයට හේතුයි. මුඛ රෝග, නේත්‍ර රෝග මතු කරයි.
ධනු
ක්‍රියාකාරී දිනකි. උත්සව සාද වැනි දේවල් යෙදේ. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට හේතුයි. නවක මිතුදම් ඇති වෙයි. ඇසුරු තුළින් තරමක් සිතුවිලිද යහපත් වෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග ද මතු කරයි.
මකර
රාජකාරි බහුල වීම නිසා අවිවේකය ඇති වෙයි. තම අරමුණුවලට තරමක් බාධා දෙයි. ප්රීතිසාද උත්සව ආදියට සහභාගි විමේ අවස්ථා යෙදේ. සම්මුඛ පරීක්ෂණ ආදියෙහි ජය ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.
කුම්භ
ප්‍රබෝධමත් දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිවී ක්‍රියා කරයි. උත්සව සාද යෙදේ. තම නිවසද උත්සවාකාරයක් ඇති කරයි. නව වැඩ ඇරඹීමට ද ශුභයි. ඇසුරු කරන්නන්ගෙන් උදව් උපකාර ද ලබයි. සන්ධි වාත රෝග මතු කරයි.
මීන
ක්රියාශිලියි ගමන් බිමන් වර්ධනය වෙයි. විනෝද ගමන් ප්‍රීති සාද වැනි දේට යොමු වෙයි. නීතිමය ගැටලු වලට හේතුයි. ඥාතීන් දුරස්ථ වීමට ද ඉඩ තිබේ. දහමට ලැදිව ක්‍රියා කරන අතර සෙම් කෝප රෝග මතු කරයි.