දෙවැනි තරඟයේ ජයත් ශ්‍රී ලංකාවට

දෙවැනි තරඟයේ ජයත් ශ්‍රී ලංකාවට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 05ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 189ක් රැස් කළහ.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 190ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළහ.