මින් ඉදිරියට රජයේ වනජීවී බංගලා හිතවත්කම් වලට දෙන්නෑ

මින් ඉදිරියට රජයේ වනජීවී බංගලා හිතවත්කම් වලට දෙන්නෑ

රජයේ  පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යයවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට  හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

සාධාරණ මිල ගණන් යටතේ ඕනෑම අයෙකුට තම නිවාඩු කාලය ගත කිරීම සඳහා මෙම බංගලා වෙන් කර ගත හැකි බව කී අමාත්‍යවරයා විශේෂ වෙන් කිරීම් හෝ අමතර පහසුකම් ලබා නොදෙන බවද පැවසීය.

වන ජීවී බංගලාවල පහසුකම්  ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය රැපියල් මිලියන 1166.93ක් ලබාදීමට තීරණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.