මෙරටට පැමිණි සංචාරකයන්ට රටවල් කිහිපයකින්ම අනතුරු ඇඟවීම්
ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක ස්ථාන වලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට දැඩිව සැලකිලිමත් වන ලෙස ඇමෙරිකාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ රුසියාව සිය සංචාරක උපදේශනයන් යාවත්කාලීන කරමින් අනතුරු ඇඟවීම් නිකුත් කර තබේ.
සිය කාර්ය මණ්ඩලයට අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම වළක්වාලමින් වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරක තහනමක් පැනවීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය කටයුතු කළ අතර ඒ පිළිබඳ ආරක්ෂක නිවේදනයක්ද නිකුත් කළේය.
ඇමෙරිකානු තානාපති කාර්යාලයේ එම ආරක්ෂක නිවේදනය උපුටා දක්වමින් ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, සහ එක්සත් රාජධානිය සිය සංචරක උපදේශනයන් යාවත්කාලීන කරමින් අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නිල ප්‍රකාශය උපුටා දක්වමින් අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිවේදනයට දැඩිව අවධානය යොමුකරන ලෙස ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, සහ එක්සත් රාජධානිය නිකුත් කළ අනතුරු ඇඟවීම් වල සටහන්ව තිබිණි.