පැපිලියාන ළමා නිවාසයේ මුරකරු ඝාතනය කළ තරුණයා තවත් වැරදි රැසක් කරලා
පැපිලියාන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 17 හැවිරිදි තරුණයා ඔහුව සපා කෑ සුනඛයෙකු ගේ ගෙල කපා හිමිකරුගේ වත්තට එම ගෙල කොටස දැමීම සහ ඔහුගේ මවට පහරදී අත කඩා දැමීමේ චෝදනාවට ලක් වූවකු බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
එම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කළ අළුබෝමුල්ල පමුණුගම පදිංචිව සිටි සික්කු හේවගේ පියදාස ඩයස් (80) යන අය ඉකුත් 15 දා ඝාතනය කෙරෙිණි.
ඒ සම්බන්ධයෙන් 17 හැවිරිදි ප්‍රධාන සැකකරු හා වැල්ලම්පිටිය මීතොට මුල්ල 16 හැවිරිදි අනෙක් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් සංජය සිල්වා මහතා විසින් මෙම මස 29වෙනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.
මුරකරුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 17 හැවිරිදි තරුණයා පවත්වාගෙන යන පෙම් සබඳතාවයක් මුරකරු විසින් එම මධ්‍යස්ථානයේ කළමනාකාරිණියට දැනුම් දීමත් සේම , එයට විශාල ලෙස බාධාවක් වීම හේතුවෙන් සිතේ ඇති වූ වෛරය හේතු කොටගෙන16 හැවිරිදි තරුණයාත් සහභාගී කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බව පැවසේ.