පැහැර ගත් පුතාව බේරගන්න ගිය පියා ජීවිතක්ෂයට

පැහැර ගත් පුතාව බේරගන්න ගිය පියා ජීවිතක්ෂයට

පිරිසක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයාව බේරාගැනීමට උත්සාහ කළ පියෙකු එම ජීප් රථයට යටකර ඝාතනය කර ඇති බව ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ නිවසකට පසුගිය 19 වනදා සවස, පොලිස් නිලධාරීන් බව පවසා පිරිසක් ජීප් රථයකින් පැමිණ තිබේ.

එම පිරිස නිවසේ සිටි තරුණයෙකුට මාංචු දමා ඇසිඩ් ගසා බලහත්කාරයෙන් රැගෙන යාමට තැත්කිරීමේදී ඔහුගේ පියා එය වැළැක්වීමට උත්සාහ කර ඇති බව පොලීසිය පවසයි.

එහිදී පියා ජීප් රථයේ එල්ලී ඇති අතර එය නොනවත්වා ධාවනය කිරීමේදී ඔහු ඉන් වැටී ඇති අතර ජීප් රථයේ රියදුරු එම පුද්ගලයා ව යටකරමින් රථය ඉදිරියට පදවා ඇති බව පැවසේ.

පොලීසිය සඳහන් කළේ, අනතුරුට ලක්වූ 65 හැවිරිදි එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

පැහැරගැනීමට ලක්වූ පුත්‍රයා තුවාල සහිතව මහමඟ දමාගොස් සිටියදී ඥාතීන් රෝහල්ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පෞද්ගලික ආරවුලක් මෙම පහරදීමට හේතුව ලෙස සැකකරන බවයි.