මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 28 ක් රෝහලට

මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 28 ක් රෝහලට

කොළඹ – රත්නපුර පාරේ දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ දී පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී අද (22) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.

ගැටහැත්ත ප්‍රදේශයේ පිහිටි වංගුවකදී මෙම අනතුර සිදුව ඇති අතර බස් රථ දෙකේම ගමන් ගත් මගීන් පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

තුවාලකරුවන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බවත් ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බවත් පොලීසිය සඳහන් කළේය.

කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් රත්නපුර සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.