රවී සහ ශානි තනතුරුවලින් ඉවත් කරන්නේ නෑ

රවී සහ ශානි තනතුරුවලින් ඉවත් කරන්නේ නෑ

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර කිසිදු හේතුවක් මත වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

උදය ගම්මන්පිල මහතා ඊයේ ඉදිරිපත් කළ කමිටු වාර්තාව පිළිනොගන්නා බවත් ඔහු පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කර ඇත්තේ, ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු වලින් ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බවත් අමාත්‍යවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් එම නිලධාරීන් දෙදෙනා අතීතයේ සිට සිදුකළ බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

COMMENTS