පොලීසියෙන් සිදුවන අල්ලස් හෝ දූෂණ ගැන දැනුම්දෙන්න දුරකථන අංකයක්

පොලීසියෙන් සිදුවන අල්ලස් හෝ දූෂණ ගැන දැනුම්දෙන්න දුරකථන අංකයක්

පොලිසියෙන් සිදුවන අල්ලස් හෝ දූෂණ සම්බන්ධව දැනුම් දීම සඳහා වැඩ බලන පොලිස්පතිවරයා විසින් මහජනතාව සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

මෙම හඳුන්වා දුන් 1997 ක්ෂණික ඇමතුම් අංකයට අමතා පොලිසිය තුළ කිසියම් අකාර්යක්ෂමතාවයක් හෝ දූෂිත පොලිස් නිලධාරීන්ගේ අපරාධ දූෂණ පිළිබඳව තොරතුරු වේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම දුරකථන අංකය යුක්තිය මෙහෙයුමේ දී විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ, මහා පරිමාණ පාරිසරික හානි, උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මකවන නවක වදය ගැන ක්ෂණිකව දැනුම් දීම සඳහා මින් පෙර විවෘතව තිබූ ක්ෂණික ඇමතුම් අංකය වේ.

මෙය දූෂණ රහිත නීති ගරුක පොලිස් සේවයක් නිර්මාණය කිරීම සඳහා ගනු ලැබූ නව පියවරක් බව පොලිස් මූලස්ථානය පවසයි.