විදේශ ගමන් බලපත්‍රය වෙනස් උනේ මෙහෙමයි

විදේශ ගමන් බලපත්‍රය වෙනස් උනේ මෙහෙමයි

කලක සිට පැවති අර්බුධය නිමා කරමින් ඊයේ (21) දිනයේ සිට නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය කටයුතු කළා.

ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුත්ත වන අතර එය පිටු 48කින් සමන්විතයි.

නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ඇතුළත් අලංකාරවත් ඡායාරූප වලින් සමන්විත වේ .
එමෙන්ම නව විදේශ ගමන් බල පත්‍රයේ P අංකය භාවිතා කරන අතර මීට පෙර නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රයේ පැවතියේ N අංකයයි.

නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඉදිරියේ දී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.