විදුලිසැර වැදී වන අලි තිදෙනෙක් මරුට

විදුලිසැර වැදී වන අලි තිදෙනෙක් මරුට

පොල්පිතිගම ඉරදෙනියය ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් වනඅලින් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා.

පොල්පිතිගම කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයට අයිති බිම්කොටසක වන අලින් මියගොස් සිටි බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

නිවසකින් ලබාගත් විදුලිය යොදාගනිමින් ඉදිකර ඇති විදුලි රැහැන් ගැටීමෙන් වන අලින් මියගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

සතුන් දඩයම් කිරීමට මෙලෙස විදුලිය යොදාගැනීම හේතුවෙන් මෙවැනි අනතුරු වාර්තා වන බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.