උද්දමනය පහළට

උද්දමනය පහළට

2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය අනුපාතය පහළ වැටී ඇති බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, 2024 අගෝස්තු මාසයේදී 1.1%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 සැප්තැම්බර් මාසය සඳහා -0.2% ක් දක්වා අඩු වී ඇත.

2024 අගෝස්තු මාසයේදී 2.3%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී 0.5%ක් දක්වා අඩු වී තිබේ.

එමෙන් ම, 2024 අගෝස්තු මාසයේදී 0.2%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් දක්වා අඩු වී ඇත.

COMMENTS