මහින්දගේ වාහන තුනක් යළි භාර දෙයි

මහින්දගේ වාහන තුනක් යළි භාර දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් අද (21) යළි භාර දී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයට එම වාහන ගෙනවිත් භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

වෑන් රථයක්, කැබ් රථයක් සහ ගිලන් රථයක් එලෙස භාර දුන් වාහන වලට අයත්.

හිටපු ජනධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ භාවිතය සඳහා රජයෙන් ලබා දී ඇති වාහන සම්බන්ධයෙන් පසුගිය දා සමාජයේ දැඩි කතා බහක් මතුවුණා.

ඒ, එම වාහන වලින් කොටසක් යළි රජයට ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සිදුකර තිබූ දැනුම්දීමකට අනුවයි.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සතු වාහන 16න් 8ක් පසුගිය 19 වනදා භාර දී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.