දියේ ගිලී තරුණයන් දෙදෙනෙකු මරුට

දියේ ගිලී තරුණයන් දෙදෙනෙකු මරුට

කහටගස්දිගිලිය, ඉහළ කංහිදිගම වැවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, පූජාපිටිය පදිංචි 34 හැවිරිදි ඩී.ඩී. එච්.ජී.ධනුශ්ක නාලක කුලරත්න හා 24 හැවිරිදි පොල්ගහවෙල පදිංචි අයි.එම්.රංගන ලසන්ත බණ්ඩාර යන අවිවාහක තරුණයන් දෙදෙනෙක් බව පොලීසිය පවසයි.

ඔවුන් පෑස්සුම්කරුවන් ලෙස රැකියාව කර ඇතැයිද කහටගස්දිගිලිය පොලීසිය පවසයි.

මොවුන් දෙදෙනා ඊයේ (20) සවස තවත් දෙදෙනකු සමග මත්පැන් පානය කර ඉහළ කංහිදිගම වැවේ දියනෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කහටගස්දිගිලිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.