ඌරු මස් විකිණීම සහ පරිභෝජනය ගැන විශේෂ දැනුම් දීමක්

ඌරු මස් විකිණීම සහ පරිභෝජනය ගැන විශේෂ දැනුම් දීමක්

වෛරස් රෝගයක් හේතුවෙන් මේ වනවිට ඌරන් බහුලව මියයාමේ සිද්ධීන් මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත් වලින් බහුලව වාර්තා වී තිබෙනවා.

මේ හේතුවෙන් වෛරසය වැලඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි පවසා සිටියේ, ඌරු මස් පරිභෝජනය කිරීම සඳහා ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බවය.

මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් මස් පිණිස ඌරන් ඇතිකරනු ලබන ගොවිපොළවල සහ ඌරු මස් අලෙවිකරන ස්ථාන විශේෂ පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

වෛරස් රෝගය වැළඳී මියගිය ඌරන් මස් පිණිසි අලෙවි කරනු ලැබුවහොත්; එම පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි සභාපතිවරනයා වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව ඌරන් අතර මෙම වෛරස් රෝගය බහුලව පැතිර ඇති පළාත්වල ස්ථාන වැඩි වශයෙන් පරීක්ෂාවකට ලක්කරන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.