උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ලබන සදුදා සිට යළිත්

උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ලබන සදුදා සිට යළිත්

උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ලබන සදුදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, යාල්දේවී දුම්රිය එදිනට ආරම්භයක් ලෙස ධාවනයට සූදානම් කර ඇති බවයි, එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ.

උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට දුම්රිය ධාවනය වන්නේ මහව දක්වා පමණයි.

ඉන්දියානු ණය ආධාර යටතේ පැයට කිලෝමීටර් 120 ක වේගයකින් ධාවනය කළ හැකි ලෙස උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරෙයි.

COMMENTS