හමාස් නව නායකයා මරුට

හමාස් නව නායකයා මරුට

හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කළ බවට ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා තහවුරු කළ බව BBC පුවත් සේවය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, “වසරක කාලයක් පුරා ලුහුබැඳීමෙන්” පසුව දකුණු ගාසා තීරයේ මෙහෙයුමකදී සින්වාර් සිය හමුදා විසින් ඝාතනය කළ බවයි.

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සිටින බවට සැක කෙරෙන ස්ථාන පිළිබඳව ලබා දුන් බුද්ධි තොරතුරු අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.