මහ මැතිවරණයට අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාවන් පැනවෙයි

මහ මැතිවරණයට අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාවන් පැනවෙයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විසින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැය කළ හැකි වියදම් සීමාව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව, එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි වැඩිම මුදල කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් වෙනුවෙන් ලබා දී තිබේ.

එම මුදල රුපියල් පනස් හත් ලක්ෂ පනස් දහසකි (5,750,000).

පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් කර ඇත.

එය රුපියල් අට කෝටි දාහත් ලක්ෂ තිස් පන්දහස් පනස් පහකි. (81,735,055).

ජාතික ලැයිස්තු අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල ගම්පහ දිස්ත්‍රික්කය සඳහා වෙන් කර තිබේ.

එම මුදල රුපියල් තිස් පන් දහස් හයසියය හැත්තෑ හතකි (35,677).

අඩුම මුදල් ප්‍රමාණය තීරණය කර ඇත්තේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය සඳහාය.

එහි එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් දාසය ලක්ෂ හැත්තෑ තුන් දහස් දෙසිය හතලිස් තුනකි (1,673,243).

එම දිස්ත්‍රික්කයේ පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් අනූනව ලක්ෂ දහතුන් දහස් නවසිය හැටහතරකි (9,913,964).

එහි ජාතික ලැයිස්තු අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් හාරදහස් තුන්සිය විසි හතකි (4,327).

සෙසු දිස්ත්‍රික්ක සදහා ද මෙලෙස වැය කළ හැකි උපරිම මුදල තීරණය කර ඇත.

මෙම වියදම් වාර්තා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දිය යුතුය.