ධීවර ජනතාවට විශේෂ ඉන්ධන සහනාධාරයක්

ධීවර ජනතාවට විශේෂ ඉන්ධන සහනාධාරයක්

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළයාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතර බලපෑමට පිළියම් යෙදීම සඳහා ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා

“මාස 6ක කාලයක් සදහා රුපියල් මිලියන 5.5ක සහනාධාරය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා.

ඒ අනුව ඩීසල් එක් ලීටරයකට රුපියල් 25ක සහනයක් ලබා දෙනවා.

මාසයකට උපරිම ලීටර් ලක්ෂ 3කට යටත්ව. යම් ධීවර කර්මාන්තයේ යෙදෙන කෙනෙක් මාසයකට ලීටර 3කට යටත්ව උපරිම රුපියල් 25ක සහනයක් ලබාදෙනවා.”