ශ්‍රී ලංකා – කොදෙව් තීරණාත්මක දෙවන T 20 තරඟය අද

ශ්‍රී ලංකා – කොදෙව් තීරණාත්මක දෙවන T 20 තරඟය අද

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (15) පැවැත්වේ.

දෙරට අතර මෙම තරග සංචාරයට පන්දුවාර විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වන අතර එම තරග තුනම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගය ශ්‍රී ලංකාව ජයගැනීම අනිවාර්යයි වේ.

දෙරට අතර පෙරේදා (13) පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 05කින් ජයගැනීමට කොදෙව්වන් සමත් වුණා.

අද (15) තරගය රාත්‍රී 7:30ට ආරම්භ වේ.