පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) පෙරවරු 9.30 ටපැවැත්වීමට නියමිතව තිබේ.

ඒ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දීයි.

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව හමුවන පළමු අවස්ථාව ද මෙයයි.

ඒ අනුව, හෙට දිනයේ දී එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල තීරණය කිරීමට ද නියමිතයි.

ඉන් අනතුරුව ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.