පාසල් සඳහා නිවාඩු ලබාදීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

පාසල් සඳහා නිවාඩු ලබාදීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදා වලට ලක්ව ඇති පාසල් වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නිවාඩු ලබා දීමේදී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් අවශ්‍ය තීරණ ගන්නා ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙන්නේ.

වර්තමානයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සමග ද සාකච්ඡා කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.