අර්ජුන් ඇලෝෂියස්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

අර්ජුන් ඇලෝෂියස්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියට අදාලව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06‍කට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කළ නියෝගයට එරෙහිව W.M මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන විත්තිකරුවන් භාරදුන් අභියාචනය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම අභියාචනා අයදුම් පත අදාළ නඩු තීන්දුව ලබාදුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් මෙම වග උත්තරකරුවන් විසින් එම අභියාචනය තුළින් ඉල්ලා තිබුණි.

COMMENTS