ප්‍රධාන මාර්‌ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්‌ගයේ දුම්රිය ප්‍රමාදයක්

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ දුම්රිය තිඹිරියාගෙදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ, අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ද දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් ඇති විය හැකි බවයි.