සිසුවියක් අපයෝජනය කල පුද්ගලයෙක් සොයා විමර්ශන

සිසුවියක් අපයෝජනය කල පුද්ගලයෙක් සොයා විමර්ශන

අවුරුදු 15ක පාසල් සිසුවියක් අපයෝජනය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසනවා.

සැකකරු ආරච්චිකට්ටුව, නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (12) අලුයම් කාලයේ කිසියම් අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටතට පැමිණ අවස්ථාවේදී සැකකරු මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන්.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.