ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකුට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකුට තුවාල

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු ඊශ්‍රායල කාලතුවක්කු ප්‍රහාරයක් හේතුවෙන් සුළු තුවාල ලබා ඇති බව යුද හමුදාව පවසයි.

සිද්ධිය වන අවස්ථාවේ ශ්‍රී ලංකා සෙබළුන් දෙදෙනා දකුණු ලෙබනනයේ නකොවූරා ගම්මානයේ එක්සත් ජාතීන්ගේ කඳවුරක සිට ඇති බවයි සඳහන් වන්නේ.

කාලතුවක්කු ප්‍රහාර එම කඳවුරට ආසන්නව සාමසාධක හමුදා භටයින් සිටි නිරීක්ෂණ කුලුනකට එල්ලකර ඇති බව ද සඳහන්.

කෙසේවෙතත් තුවාල ලැබූ සෙබළුන් දෙදෙනා එක්සත් ජාතීන්ගේ කඳවුරේ රෝහලක ප්‍රතිකාර ලබන බවයි, යුද හමුදාව පැවසුවේ.