දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා

රාහු කාලය
10:27 am – 11:57 am

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

ක්‍රියාකාරි දිනකි. උත්සව සාද යෙදෙන අතර ආගමික වතාවත් උත්සව ද යෙදේ. තරමක් මිල මුදල් වැය වන අතර විනෝද ක්‍රියාකාරකම් ද යෙදේ. තමා ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වේ. සෙම් බහුල රෝග මතු කරයි.

Date: 2024-10-11

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ගමන් බිමන් තරමක් බහුල වෙයි. අවිවේකී දිනකි. මංගල සාද උත්සව ද යෙදෙන අතර දුර ගමන් ද යෙදේ. ආගමික උත්සව සංවිධාන කෙරේ. නවක මිතුදම් ඇති වෙයි. තරමක් වැයපස ද ඉහළ යයි. ස්නායුගත රෝග, අතපය වේදනා මතුවේ.

Date: 2024-10-11

ජය අංකය: 06
ශුභ වර්ණය: ළා නිල්
Qries

මිථුන

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. තම ව්‍යාපාර සඳහා තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවේ. ආගමික උත්සව වැනි දේවල් සංවිධානයට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. බඩවැල් ආශ්‍රිත රෝග, මූල රෝග සාදයි.

Date: 2024-10-11

ජය අංකය: 01
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ක්‍රියාකාරකම් බහුල දිනකි. අවිවේකී බවක් ගෙන දෙයි. තමා ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. විනෝද ගමන්, උත්සව සභා ආදියට සහභාගි වෙයි. තරමක් වැයපස ඉහළ යයි. හදිසි ලාභ දෙයි. ශිරෝගත රෝග, උෂ්ණ රෝග මතු කරයි.

Date: 2024-10-11

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

සිංහ

ශුභ ඵල මතු කරයි. දුර ගමන් යෙදේ. ජනතා දැනුවත් කිරීමේ කාර්යයන්වලට හේතුයි. සුහද හමුවීම්වලට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. ව්‍යාපාරවල දියුණුව පෙනේ. ආමාශගත රෝග සාදයි.

Date: 2024-10-11

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍ර ඵල මතුකරයි. රැකීරක්‍ෂාවල ප්‍රබෝධයෙන් යෙදේ. ව්‍යාපාරවලදී දියුණුවක් මතුකරයි. නව නිර්මාණකරණයට හේතු කරුණු යෙදේ. මුත්‍රා ආසාදන රෝග සාදයි.

Date: 2024-10-11

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ මිශ්‍ර ඵල මතුකරයි. තම සැලසුම් දියත් කරගැනීමේ ශක්තිය මතුකරයි. තරමක් වෙහෙසව ක්‍රියාකරන දිනකි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. සිරසගත රෝග සාදයි.

Date: 2024-10-11

ජය අංකය: 07
ශුභ වර්ණය: ළා රෝස
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍ර ඵල මත දවස ගෙවයි. තම අරමුණුවලට බාධා කරයි. ක්‍රියාකාරි දිනකි. අතපසුව තිබූ කටයුතු කරගෙන යයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ආමාශගත රෝග, ආහාර විසවීම් ආදියට හේතුයි.

Date: 2024-10-11

ජය අංකය: 03
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ ඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. රාජකාරිවලදී කැපීපෙනේ. ගමන් බිමන් ද තරමක් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. ලේ දූෂිත රෝග, මුත්‍රා ආසාදන මතුවේ.

Date: 2024-10-11

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ ඵල මතුකරයි. ගමන් බිමන් යෙදෙන අතර ප්‍රවේශමෙන් හුදෙකලා බවින් අතමිදේ. තම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. නව වැඩ ඇරඹීමට ශුභයි. මූල රෝග, බඩවැල් රෝග මතුවේ.

Date: 2024-10-11

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

තරමක් අවිවේකී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත දවස ගෙවේ. තම නිවස තරමක උත්සව ස්වභාවයක් මතුකරයි. රාජකාරි ද බහුල දිනකි. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. සන්ධි රෝග, වාත රෝග මතුවේ.

Date: 2024-10-11

ජය අංකය: 04
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ක්‍රියාශීලි දිනකි. අතපසුවූ වැඩ ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය මතුකරයි. නව වැඩ ඇරඹීමට ද හේතුයි. හුදෙකලා බවින් අතමිදේ. නව මිතුදම් ඇතිවෙයි. වැයපස ඉහළ යයි. ඉදිමුම් රෝගවලට හේතුයි.

Date: 2024-10-11

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්