හනිමුන් ගිහින් මහ රෑ මනාලිය වෙනත් තරුණයෙක් එක්ක ගිහින් – මනාලයා තවත් තරුණියක් එක්ක ගිහින්

හනිමුන් ගිහින් මහ රෑ මනාලිය වෙනත් තරුණයෙක් එක්ක ගිහින් – මනාලයා තවත් තරුණියක් එක්ක ගිහින්

මඟුල්දා ට පසුදා මනාලිය වෙන පුරුෂයෙකු සමඟත් මනාලයා වෙන තරුණියක සමඟත් ගිය පුවතක් රත්නපුර දිස්ක්‍රික්කයේ එක්තරා ගමකින් වාර්තා වනවා.

දෙමාපියන් විසින් එක්තරා තරුණියකට මඟුලක් යෝජනාවක් කර තිබෙනවා.

ඇය විසින් එම යෝජනාවට අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ඇය වෙනත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධයක් ඇති කර ගත් බැවින්.

නමුත් මවුපියන් ගෙනා යෝජනාව තදින්ම ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම, ඇයට යෝජනා කළ තරුණයාද වෙනත් තරුණියක සමඟ සම්බන්ධයක් ඇති කර ගෙන තිබෙනවා.

එවන් පසුබිමක, මඟුල තීන්දු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පසුව එනම්, ඔවුන් මධුසමයට ගිය අවස්ථාවේ හෝටලයේ දී මනාලිය මනාලයාට නිදි පෙති මිශ්‍ර කිරි වීදුරුවක් ලබාදී ඔහුට නින්ද ගිය පසු ලිපියක් ලියා තබා තමන් යාළු වී සිටින තරුණයා සමඟ හෝටලයෙන් පිටව ගොස් තිබෙනවා.

උදෑසන අවදි වූ තරුණයා ඇගේ ලිපිය දැක ඔහු යාළු වී සිටින තරුණිය සමඟ ගොස් තිබෙනවා.

පසුදා දෙවෙනි මඟුල සඳහා මනාල යුවළ කැඳවාගෙන යාමට පැමිණි මඟුල් රථය ආපසු හිස් අතින් පැමිණෙන දුටු මනාල යුවළගේ මවුපියන්ට සිදු වී ඇති කාරණය අවබෝධ වී තිබෙනවා.

කෙසේ වෙතත්, පසුව පිරිස ඉදිරියේ ලැජ්ජාවට පත් වීමට නොහැකිව ඔවුන් මඟුල සංවිධානය කර තිබූ හෝටලයෙන් මාරු වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.