ඇඹිලිපිටිය – කොළඹ මාර්ගයේ බස් රථයක් ගිනි ගනී

ඇඹිලිපිටිය – කොළඹ මාර්ගයේ බස් රථයක් ගිනි ගනී

ඇඹිලිපිටිය – කොළඹ මාර්ගයේ කහවත්ත සහ ගොඩකවෙල අතර මාදම්පේ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ගිනිගැනීමට ලක් වී තිබෙනවා.

ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකුයි අද උදෑසන 07.30ට පමණ මෙලෙස ගිනි ගැනීමකට ලක්වී ඇත්තේ.

කෙසේ වෙතත් එම අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානි හෝ බරපතළ හානි සිදුවී නොමැති බවත්, ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවත් වාර්තා වේ.