කමල් අද්දරආරච්චි උවිඳු විජේවීරගේ පක්ෂයෙන් මහ මැතිවරණයට

කමල් අද්දරආරච්චි උවිඳු විජේවීරගේ පක්ෂයෙන් මහ මැතිවරණයට

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි.

දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා,

“හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි. අසාර්ථක වුණු අයව නැවත පාර්ලිමේන්තුවට ගේන සම්ප්‍රදාය අපි බිඳිමු. සහයෝගයෙන් සහ බුද්ධිමත්ව වැඩ කිරීමට හැකි නවක කණ්ඩායමක් තෝරාපත් කරගමු. දෙවන පරපුර තුළින් ඒ ශක්තිය ලබාදෙන්න පුළුවන්. මමත් ඒ අයට ශක්තියක් වෙන්න තමයි අද දෙවන පරපුර සමග එකතු වුණේ.”

දෙවන පරපුර පක්ෂය සමග අද සිවිල් සංවිධාන කිහිපයක් එකතු වූ අතර එහිදී සම්මුතියකට අත්සන් තැබීම ද සිදුකර තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ උවිඳු විජේවීර මහතා

“විපක්ෂයට පරණ හොරු ටිකම යැව්වොත් රට දියුණු කරන්න බැහැ. සමස්ත පාර්ලිමේන්තුවම මේ රටට ආදරය කරන මිනිස්සුන්ගෙන් පුරවමු.”