බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කෙරේ

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කෙරේ

බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු අද (09) සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව, පළමු කිලෝමීටරය සදහා අය කළ රුපියල් 100ක ගාස්තුව වෙනස් නොවන අතර, දෙවන කිලෝමීටරය සිට අය කළ හැකි ගාස්තුව රුපියල් 85 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රීරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න මහතා සඳහන් කළේ, බස් රථ පරීක්ෂා කරන නිළධාරීන් යොදවා ඉදිරියේදී ත්‍රිරෝද රථ පරීක්ෂා කිරීම් සිදු කිරීමට සැලසුම්කර ඇති බවයි.