දමිතා රත්නපුරෙන් මහ මැතිවරණයට

දමිතා රත්නපුරෙන් මහ මැතිවරණයට

රංගන ශිල්පිනි දමිතා අබේරත්න එළඹෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින බව පවසයි.

ඊට අදාළ ලිය කියවිලි වලට ඇය ඊයේ අත්සන් තැබුවාය.

මේ සම්බන්ධයෙන් දමිතා අබේරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසූවේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට තීරණය කළ බවයි.

ජනතාවගේ සහ විශේෂයෙන්ම කලාකරුවන්ගේ ප්‍රශ්න ගැටලු ගැන තමාට හොඳ අවබෝධයක් ඇතැයිද ඇය සඳහන් කළාය.

දමිතා අබේරත්න මහත්මිය දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කුසලතා පූර්ණ රංගන ශිල්පිනියකි.