මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට

මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ .

මෙසේ ඝාතනය කර ඇත්තේ කුච්චවේලි , නාවච්චෝලේ, කුඹුරුපිටිය පදිංචි ගුණශීලන් සෙන්දුරන් (29) නැමති අයයි.

බීමතින් නිවසට පැමිණි බාල සහෝදරයා සමග ඝාතනය වූ වැඩිමහල් සහෝදරයා බහින් බස්වීමක් සිදු වී ඇති අතර එය දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස වැඩිමහල් සහෝදරයාට පොරවකින් පහර දී තිබේ.