T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද

T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද

2024 T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද (05) ඕස්ට්‍රේලියාව සමග පැවැත්වේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3. 30ට සාජාහිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේ සිය බලාපොරොත්තු තබා ගැනීමට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ.

මේ අතර එංගලන්තය සහ බංග්ලාදේශය අතර තවත් තරඟයක් අද දිනයේ පැවැත්වීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7. 30ට සාජාහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

COMMENTS