හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

හංවැල්ල, නෙළුවන්තුඩුව ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

55 හැවිරිදි වියෙහි පසු වූ ව්‍යාපාරිකයෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

නාඳුනන තුවක්කුකරුවෙකු පැමිණ ටී56 ගිනි අවියකින් වෙඩි තබා ව්‍යාපාරිකයාගේ නිවසේ දී ම ඔහු ව ඝාතනය කර පලා ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවයි