දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා

රාහු කාලය
3:01 pm – 4:32 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ප්‍රබෝධවත් දිනකි. ක්‍රියාකාරකම් උනන්දුවෙන් ඉටු කරයි. තම අරමුණු ජයගනී. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප වන කරුණු යෙදේ. ලිපි ලේඛනවලින් ජයගෙන දෙන දිනකි. සිරසගත රෝග, නහර වේදනා මතු කරයි.

Date: 2024-10-01

ජය අංකය: 05
ශුභ වර්ණය: රන්වන්
Qries

වෘෂභ

ගමන් බිමන් බහුල දිනකි. සතුර බලපෑම් ධමනය වෙයි. දුර ගමන් යෙදේ. උත්සව සාද වැනි දේවල්ද යෙදෙන අතර අමතර ලාභ යෙදෙන දිනකි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. සෙම් රෝග, කාස රෝග මතු කරයි.

Date: 2024-10-01

ජය අංකය: 02
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

මිථුන

අමතර වැඩ රාජකාරි යෙදන අතර අවිවේකී නිසාවෙන් අතපසු වීම් යෙදේ. තම ක්‍රියාකාරකම් විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසමෙන් ක්‍රියා කළ යුතු හදිසි ධනලාභද ගෙන දෙයි. හෘද ආබාධ, නහර වේදනා මතුවේ.

Date: 2024-10-01

ජය අංකය: 08
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාකාරකම් බහුලයි. ගමන් බිමන්ද යෙදෙන අතර බලාපොරොත්තු වූවාට වඩා වැය ඉහළ යයි. තරමක් අමතර ලාභද දෙයි. මහජන ප්‍රසාදයට ලක්වන ක්‍රියාවන් යෙදේ. හදිසි ලාභ ලබයි. මුත්‍රා ආසාදන මතු කරයි.

Date: 2024-10-01

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ක්‍රියාශීලී දිනකි. චාරිත්‍ර වාරිත්‍ර ක්‍රියාවෙහි ගරු කරයි. ශුභවාදීව රැකියා කටයුතුවලද යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. උත්සව සාද වැනි දේවල නිරත වෙයි. වැයපස ඉහළයි. මූලාර්ශස් රෝග මතු කරයි.

Date: 2024-10-01

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ක්‍රියාකාරකම් බහුල වෙයි. රැකියා ස්ථානවල මුල් වී ක්‍රියා කරයි. විනෝදජනක ක්‍රියාවන්හි නිරත වන අතර යහපත් ඇසුරුකම් ඇති වන දිනකි. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. පාදවල රෝග මතු කරයි.

Date: 2024-10-01

ජය අංකය: 06
ශුභ වර්ණය: ළා කොළ
Qries

තුලා

ප්‍රබෝධවත්ව දහමට ළැදිව දවස ක්‍රියා කරයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව විනෝදජනක ක්‍රියාවන්හි යෙදෙන අතර අමතර ලාභ ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග ඇතිවේ.

Date: 2024-10-01

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන ක්‍රියාකාරකම් බහුල දිනකි. නවක මිතුදම් ඇති වන අතර පැවැති මිතුදම් වර්ධනය වන දිනකි. චාරිත්‍ර වාරිත්‍ර ගරු කර ක්‍රියා කරන දිනකි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2024-10-01

ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභ ඵල මතු කරයි. ප්‍රබෝධයෙන් රාජකාරිවල යෙදේ. විනෝදජනක කටයුතුවල යෙදේ. මිල මුදල් වැයවේ. ඉඩකඩම් මිලට ගැනීමට යෑමට දුරදිග බලා ක්‍රියා කිරීම මැනවි. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2024-10-01

ජය අංකය: 07
ශුභ වර්ණය: තද කහ
Qries

මකර

ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. රාජකාරි බහුල වීමෙන් අවිවේකය මතු කරයි. තරමක් ආවේගශීලී ගතිද මතු කරයි. එබැවින් ඉවසීම වැදගති. නිෂ්ඵල ගමන් ද යෙදේ. හදිසි රෝග, ශල්‍යකර්ම වැනි දේට හේතු බැවින් ප්‍රවේශම මැනවි.

Date: 2024-10-01

ජය අංකය: 03
ශුභ වර්ණය: දම්
Qries

කුම්භ

ශුභ ඵල සහිතයි. රැකියා ලාභ ලැබීම්, උසස් වීම් වැනි දේට හේතුයි. ආදර සබඳතා වර්ධනය වෙයි. තරමක් විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. ලිපි ලේඛන කටයුතුවලින් ජයදෙයි. කලක් වධ දුන් රෝග සමනය වන දිනකි.

Date: 2024-10-01

ජය අංකය: 01
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභවාදී ඵල මතු කරයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. සතුර බලපෑම් දමනය වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් ආසාදන රෝග මතු කරයි.

Date: 2024-10-01

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි