යළි දැනුම් දෙනතුරු ලෙබනනයට සහ සිරියාවට යන්න එපා – විදේශ කටයුතු අමාත්‍යංශය

යළි දැනුම් දෙනතුරු ලෙබනනයට සහ සිරියාවට යන්න එපා – විදේශ කටයුතු අමාත්‍යංශය

නැවත දැනුම් දෙනතුරු ලෙබනනයට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මෙම සංචාරක උපදේශනය නිකුත්කර තිබෙන බවයි පැවසෙන්නේ.

දැනට එම දෙරටෙහි සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ දැඩි අවධානයෙන් පසුවන ලෙසත් නවාතැන් වලින් පිටත එහාමෙහා යාමෙන් වළකින ලෙසයි.

එසේම බේරූට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩැමස්කස් නුවර පිහිටි කොන්සල් කාර්යාලය සමග නිතරම සම්බන්ධව සිටින ලෙසත් ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දෙනවා.

ඒ සඳහා [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය භාවිත කරන ලෙසත්, පහත දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

සනත් බාලසූරිය – 0094 771102510

ප්‍රියංගි දිසානායක – 0094 718381581

ෆාහ්ඩ් හව්වා – 00961 81485809

අල් ඩ්‍රෑබි – 00963 944499666, 00963 933858803