ඉන්ධන මිලේ ලොකු වෙනසක් අද රාත්‍රියේ

ඉන්ධන මිලේ ලොකු වෙනසක් අද රාත්‍රියේ

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අතර ඉන්ධන මිල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වෙන බව ද එම ආරංචි මාර්ග පැවසීය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සංශෝධනය කිරීමට නියමිතව තිබේ.