හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද

මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ මතුගම ආදාහනාගාරයේදීයි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 74 වන වියේ පසුවුණා.

1950 වසරේ අප්‍රේල් 05 වනදා උපත ලැබූ ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

වෙල්ගම මහතා 1982 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගලවත්ත ආසන සංවිධායකවරයා ලෙස දේශපාලන ගමන්මග ආරම්භ කළා.

1994 වර්ෂයේ පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා වසර 30ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා.

අමාත්‍ය ධුර කිහිපයක් දැරූ ඒ මහතා 2020 වසරේ දී නව ලංකා නිදහස් පක්ෂය පිහිටුවමින් එයට නායකත්වය ලබාදුන්නා.

කළුගංතොට සිංහයා නමින් කළුතර ජනතාව අතර ආදරයට පාත්‍ර වූ වෙල්ගම මහතා මෙරට ජන හදවත් දිනාගත් කෘතහස්ත දේශපාලනඥයෙක්.

ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දේශපාලන නියෝජිතයන් එක්ව සිටියා.