සීමාව ඉක්මවා ප්‍රචාරක වියදම් කළ ජනපති අපේක්ෂකයන් ගැන නිරීක්ෂණයක්

සීමාව ඉක්මවා ප්‍රචාරක වියදම් කළ ජනපති අපේක්ෂකයන් ගැන නිරීක්ෂණයක්

ජනාධිපතිවරණයට තරග කරන ලද අපේක්ෂකයන් සීමාව ඉක්මවා ප්‍රචාරක වියදම් සඳහා මුදල් වැයකර ඇත්නම්, ඔවුන් ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ජනාධිපතිවරණයට තරග කරන ලද එක් එක් අපේක්ෂකයා ප්‍රචාරක වියදම් සඳහා වැයකරන ලද මුදල සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනම සොයා බැලීමක් සිදුකරන බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර පැවසුවාය.

අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු සඳහා වැය කරන මුදල කොතෙක්දැයි යන්න සොයා බැලීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකඟතාවයකට පැමිණ ඇතැයිද ඇය කීවාය.

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් සිය ප්‍රචාරක වියදම් සඳහා වැය කරන ලද මුදල සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ලබන මස 13 වැනිදාට පෙර මැතිවරණ කොමිෂන් සභාවට ලබාදිය යුතුය.

එම වාර්තාව මහජනතාවගේ ප්‍රදර්ශනයට තැබීමටද මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා තිබේ.