නියමිත ඡන්ද පොළේ දී ඡන්දය දාන්න බය අයට දැනුම් දීමක්

නියමිත ඡන්ද පොළේ දී ඡන්දය දාන්න බය අයට දැනුම් දීමක්

නියමිත ඡන්ද පොළේ දී තම ඡන්දය දීමට නොහැකිවීම පිළිබඳව සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට, වෙනත් යම් ඡන්ද පොළක දී ස්වකීය ඡන්දය දීමට අවසර ඉල්ලා සිටිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව අදාළ පුද්ගලයන්ට ඡන්දය දීම සඳහා වැඩ පිළිවෙළක් සැකසිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

එම ඡන්ද හිමියන්ට ස්වකීය ඉල්ලුම්පත්‍ර නාම යෝජනා දැන්වීමේ දින සිට දින 07ක් එනම් 2024.10.01 දිනට පෙර රාජගිරිය, සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්‍යාලයට හෝ තමා පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ඉදිරිපත් කළ හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්