දිලුම් අමුණුගම මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට

දිලුම් අමුණුගම මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (25) පත්කෙරුණි.

ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතින් ලබාගත්තේය.

මෙහිදී අදහස් දක්වමින් මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසා සිටියේ, මව්බිම ජනතා පක්ෂයේ වැදගත් සංධිස්ථානයක් බවට අද දිනය පත්වූ බවයි.