නව ජනපති ඇතුළු කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට සූදානම් – IMF

නව ජනපති ඇතුළු කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට සූදානම් – IMF

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) පවසයි.

මේ වනවිට අත්කරගෙන ඇති ජයග්‍රහණ මත පදනම්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

2023 වසර අවසන් වනවිට පැවති මෙරට අමෙරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයින් අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇතිකරගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාවට ලක් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ තුන්වන අදියර සම්බන්ධයෙන් මෙරට නව පරිපාලනය සමග සාකච්ඡා කිරීමට එම අරමුදල සූදානම් බව අද පැවසේ.

මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනයට පසුගිය ජූනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිවූ අතර මේ වනවිට අවුරුදු 4 ක කාලයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලින් වාරික දෙකක් එසේත් නැතිනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 660 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබී අවසන්ය.