ගෝඨාභය නේපාලයට යයි

ගෝඨාභය නේපාලයට යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නේපාලයට ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ඊයේ (23) උදෑසන කත්මන්ඩු නුවර වෙත ළඟාවී ඇති අතර ලලිත්පූර්හි ජම්සිඛෙල් හි විවන්ත හෝටලයේ නවාතැන් ගෙන සිටින බවයි, වාර්තා වන්නේ.

ලලිත්පූර් දිස්ත්‍රික් පොලීසියේ, පොලිස් අධිකාරී නරේෂ් සුබේඩිට පවසා අත්තේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංචාරයේදී ඔහු සහභාගී වන වැඩසටහන් සඳහා ආරක්ෂක විධිවිධාන සලසා ඇති බවයි.

මෙම සංචාරයේදී එරට පිහිටා ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථාන වැඳපුදාගැනීමට හිටපු ජනාධිපතිවරයා සැලැසුම් කර ඇති බවද වාර්තා වේ.

මෙම සංචාරය සඳහා නේපාලයේ සිටින චෞද්‍රි සමූහ ව්‍යාපාරය විසින් ආරාධනාවක් සිදු කර ඇති බව ද සඳහන්.

ඔවුන් සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතා සමීප සබඳතා පවත්වන අතර ඔහු ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කර ඇති බවටයි, අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මෙම සංචාරය දේශපාලනික නොවන බවත් හුදෙක්ම පෞද්ගලික ගමනක් බවත් myRepublica පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය සතියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබුණේ, ආගමික වතාවත් සඳහායි.

එහි දිගුවක් ලෙස ඔහු මේ වනවිට නේපාලය වෙත ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන්.