මින් ඉදිරියට කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නෑ – මෛත්‍රී

මින් ඉදිරියට කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නෑ – මෛත්‍රී

තමා මින් ඉදිරියට කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කෙසේ වෙතත් තමා දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බව ද හෙතෙම සදහන් කළේය.

නව ජනාධිපතිවරයා වෙත විශාල අභියෝග රැසක් ඇතැයිද පැවසූ ඒ මහතා ඉදිරියේදී මැතිවරණ තුනක් පැවැත්වීමට ඇති බවත් ඒ සඳහා කෝටි හාරදහසක් පමණ වියදම් කිරීමට සිදුවන බවත්, එවැනි තත්වයක් තුළ ජනතාවට සහන ලබාදීමට නොහැකි වනු ඇති බවත් ඔහු පැවසීය.