අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පැනවෙයි

අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පැනවෙයි

අද (21) රාත්‍රී 10.00 සිට හෙට (22) අලුයම 6.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.

ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන අද දින රාත්‍රි 10.00 සිට 2024.09.22 වන දින උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බල පැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි, පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ වනවිට රට තුළ ඉතා සාමකාමී තත්ත්වයක් තිබුණ ද, මහජනතාවගේ වැඩිදුර ආරක්ෂාව සඳහා මෙම ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඇඳිරිනීති කාලසීමාව තුළ තම නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම කාලසීමාව තුළ ඡන්ද කටයුතු රාජකාරී යෙදී සිටින නිලධාරීන්ට අදාළව බලයලත් නිලධාරීන් විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත්, බලයලත් ලේඛන ඇඳිරිනීති බලපත්‍ර ලෙස භාවිත කළ හැකිය.