පස්වරු 4ට ඡන්ද විමසීම අවසන් කිරීම සම්බන්ධයෙන් සුළු සංශෝධනයක් සහිතව ගැසට් නිවේදනයක්

පස්වරු 4ට ඡන්ද විමසීම අවසන් කිරීම සම්බන්ධයෙන් සුළු සංශෝධනයක් සහිතව ගැසට් නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාව විසින් 1981 අංක 15 දරණ ජනපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනෙතේ 21වන වගන්තිය යටතේ සුළු සංශෝධනයක් සිදුකර තිබේ.

එම සංශෝධනයේ සදහන් වෙන්නේ දැන්වීමෙහි 04 (ආ) ඡේදයේ සඳහන් “පස්වරු 04 දක්වා පවත්වනු ලබන බවත්,” යන වචනය සහ ඉලක්කම් ඉවත් කොට ඒ වෙනුවට පස්වරු 04වන විට ඡන්ද පොළේ පෝලිමේ/ පෝලිම්වල රැඳී සිටින සියලු ඡන්ද දායකයන්ට ඡන්ද පත්‍රිකා භාරදෙනු ලබන වෙලාව දක්වා පවත්වනු ලබන බවත්, එම ඡන්දදායකයින් වෙත ඡන්ද පත්‍රිකාව නිකුත් කිරීම සිදුකළ යුතු බවත්” යන වචනය සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් එම දැන්වීම සංශෝධනය කරන බවයි.

එම ගැසට් නිවේදනය පහතින්…