ගසක් මත දී බඹර ප්‍රහාරයකට ලක්වුනු පුද්ගලයෙක් ගසෙන් අද වැටී මරුට

ගසක් මත දී බඹර ප්‍රහාරයකට ලක්වුනු පුද්ගලයෙක් ගසෙන් අද වැටී මරුට

තලවකැලේ පොලිස් වසමට අයත් මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපීමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදී එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් ගස මතින් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇති බව තලවකැලේ පොලිසිය පවසනවා .

මෙසේ ගස මතින් ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇත්තේ එම වතුයායේම පදිංචි එන්.කනකේෂ්වරන් නමැති (31) හැවිරිදි එක්දරු පියෙක් .

ජීවිතක්ෂයට පත් පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ අඩි 100 ක් පමණ උසැති ගාන්ඩිස් වර්ගයේ ගසකට නැග දර සඳහා ගසෙහි අතු කපමින් සිටියදී ගසේ බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී අතු කපමින් සිටි පුද්ගලයාට සහ ගස පාමුල සිටි පුද්ගලයාට බඹරුන් ඇන තුවාල සිදු කර තිබෙනවා .

බඹරුන් පහරදෙන අවස්ථාවේ ගස මත සිටි පුද්ගලයා බියට පත් වී ගසෙන් පහළට ඇද වැටෙන්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි තලවකැලේ පොලිසිය සැක කරන්නේ .

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ගසෙන් වැටී ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසියේ නිලධාරින් පවසනවා .