2023 උ.පෙළ විභාගයේ සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

2023 උ.පෙළ විභාගයේ සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද (20) පස්වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, එම කඩඉම් ලකුණු www.ugc.as.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සකච්ඡාවක දී එම කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසීය.