ජනා­ධි­ප­ති­ව­රණ­යට සියල්ල සූදා­නම්

ජනා­ධි­ප­ති­ව­රණ­යට සියල්ල සූදා­නම්

2024 ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සීම හෙට (21) පැවැ­ත්වී­මට අදාළ සියලු කට­යුතු සූදා­නම් බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා පැව­සීය.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ලියා­ප­දිංචි සමස්ත ඡන්ද­දා­ය­ක­යන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හත­ළි­ස්ද­හස් තුන්සිය පනස් හත­රක් වන අතර හෙට (21) ජන­තාව දිව­යින පුරා මධ්‍ය­ස්ථාන රැස­කදී ඡන්දය ප්‍රකාශ කිරී­මට සූදා­නම්ව සිටින අතර ඊට අදාළ සියලු කට­යුතු සූදා­නම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධා­රීන් දැනුම් දී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ, ජනා­ධි­ප­ති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් මාධ්‍ය දැනු­ම්වත් කිරී­මට අදා­ළව රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී පැවති විශේෂ මාධ්‍ය හමු­වට ඊයේ (19) එක්වෙ­මිනි.

ඡන්ද කොට්ඨාස මට්ට­මින් පිහි­ටුවා ඇති සියලු ඡන්ද කාර්යාල ඉවත් කිරී­මට ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා­ත්මක වන පරිදි කට­යුතු කර ඇති බවයි, එහිදී ඒ මහතා පැව­සුවේ.

ඒ අනුව, ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට විවෘ­තව තැබිය හැකි වන්නේ සෑම දිස්ත්‍රි­ක්ක­ය­කට එක් ප්‍රධාන කාර්යා­ල­යක් සහ සෑම පැරණි ආස­න­යක් සඳ­හාම එක් කාර්යා­ල­යක් පම­ණයි.

මීට පෙර පිහි­ටුවා තිබූ අනෙ­කුත් සියලු කාර්යාල අදාළ අපේ­ක්ෂ­ක­යන් විසින් ඉවත් කර­ගත යුතු බවත් ඔවුන් එසේ ඉවත් කර නොග­ත­හොත් පොලි­සිය මඟින් ඒවා ඉවත් කිරී­මට සිදු වන බවත් හෙතෙම කීවේය.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කරන මධ්‍ය­ස්ථාන තුළ සහ ඒ අවට මැති­ව­රණ නීති කඩ කර­න්නන්ට එරෙ­හිව දඬු­වම් ලබා දෙන බවත් කීවේය.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදාළ තැපැල් ඡන්ද ගණන් කිරීම හෙට (21) පස්වරු 4.15ට පමණ ආරම්භ කිරී­මට කට­යුතු කරන බවත් ගණන් කිරීම අව­සා­නයේ අදාළ ප්‍රති­ඵල ලැබුණු පසු ඒවා මාධ්‍ය­යට මුදා හැරී­මට කට­යුතු කරන බවත් පැව­සු­වේය.

එමෙන්ම නිල ප්‍රති­ඵ­ලය ලැබෙ­න­තෙක් නිල නොවන ප්‍රති­ඵල නිකුත් කිරී­මෙන් වැළකී සිටින ලෙස ද සියලු දෙනා­ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද කීවේය.

එමෙන්ම ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා නිවැ­ර­දිව තම මනා­පය සල­කුණු කළ යුතු ආකා­රය ද පැහැ­දිලි කර­මින් ඒ මහතා පැව­සුවේ එක් අපේ­ක්ෂ­ක­ය­කුට තම ඡන්ද­යත් අන­තු­රුව තවත් අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­න­කුට දෙවැනි හා තුන්වැනි මනා­ප­යත් ඡන්ද පත්‍රි­කාවේ සල­කුණු කිරී­මට හැකි­යාව පව­තින බවයි.

එහිදී තමන් කැමැති අපේ­ක්ෂ­ක­යාට ඡන්දය ප්‍රකාශ කිරී­මට අවශ්‍ය නම් එම අපේ­ක්ෂ­ක­යාගේ නම හා ලකුණ ඉදි­රි­යෙන් ඇති කොටසේ අංක 1 ලෙස ඉල­ක්ක­මෙන් ලකුණු කළ යුතු බව කීවේය.

අන­තු­රුව අංක 2 හා 3 ඉල­ක්කම් සල­කුණු කර තමන් කැමැති වෙනත් අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­න­කුට දෙවන හා තෙවන මනාප ලබා­දිය හැකි බව ද පැව­සු­වේය.

එසේ නැතිව එක් අය­කුට පම­ණක් වුවද තම ඡන්දය භාවිත කළ හැකි බවත් හෙතෙම කීවේය.

කිසිම අපේ­ක්ෂ­ක­ය­කුට ඡන්දය සල­කුණු කර නැති විට, එක් අපේ­ක්ෂ­ක­ය­කුට වඩා වැඩි සංඛ්‍යා­වක් වෙනු­වෙන් ඡන්දය සල­කුණු කර ඇති විට, එක් අපේ­ක්ෂ­ක­ය­කුට 1 හා තවත් අපේ­ක්ෂ­ක­ය­කුට කති­රය සල­කුණු කර ඇති විට, දෙවැනි මනා­පය හෝ තුන්වැනි මනා­පය පම­ණක් සල­කුණු කර ඇති විට, ඡන්ද­දා­ය­කයා පහ­සු­වෙන් හඳුනා ගැනී­මට යමක් ලියා ඇත්නම් හෝ ඇඳ ඇති විට, 1 හැර වෙනත් සල­කු­ණක් සමඟ 2, 3 මනාප ලකුණු කර ඇති විට, 1, 2, 3ට වඩා ඡන්දය සහ මනාප ලකුණු සල­කුණු කර ඇති විට ඒ සියලු ඡන්ද පත්‍රිකා ප්‍රති­ක්ෂේප වන මනාප ලෙස සල­කනු ලබන බවත් කීවේය.

මීට අම­ත­රව ඡන්දය දැමී­මට පෙර අන­න්‍ය­තාව තහ­වුරු කර ගැනීම සඳහා වලංගු හැඳු­නු­ම්පත, පැරණි හැඳු­නු­ම්පත වලංගු බවත් විදේශ ගමන් බල­ප­ත්‍රය, වලංගු රියැ­දුරු බල­ප­ත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රා­මික හැඳු­නු­ම්පත, පැරණි හෝ ඊ හැඳු­නු­ම්ප­තද වලංගු බවත් හෙතෙම කීවේය.

ඒ වගේම අපැ­හැ­දිලි හැඳු­නු­ම්පත්, නව ජාතික හැඳු­නු­ම්ප­තක් ඉල්ලුම් කිරී­මේදී නිකුත් කරන ලද කුවි­තා­න්සිය ආදි ඡායා­රූප සහිත හෝ රහිත වෙනත් කිසිදු ලිය­වි­ල්ලක් ඡන්ද­පො­ළේදී පිළි නොගන්නා බවත් කීවේය.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදා­ළව මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැ­බුණු ඡන්ද­දා­ය­ක­යන්ට මැති­ව­රණ කොමි­ෂන් සභාවේ නිල වෙබ් අඩ­වි­යට පිවි­සී­මෙන් සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කාවේ පිට­ප­තක් ලබා­ගැ­නීමේ හැකි­යාව පව­තින බව ද මෙහිදී ඒ මහතා කීවේය.

ඊට අම­ත­රව තම ප්‍රදේ­ශයේ තැපැල් කාර්යා­ල­යෙන් ද නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කාව ලබා ගැනීමේ හැකි­යාව පව­තින බව සභා­ප­ති­ව­රයා පැව­සීය.

ඔහු තව­දු­ර­ටත් පැව­සුවේ ඡන්දය දැමීම සඳහා පැමි­ණෙන අව­ස්ථා­වේදී ජංගම දුර­ක­තන රැගෙන ඒමෙන් වළ­කින ලෙසත් ඡන්දය දැමී­මෙන් පසු සාම­කා­මීව නිවෙ­සට වී සිටින ලෙසත් හෙතෙම වැඩි­දු­ර­ටත් කීවේය.